කොළඹ රතු අවදානම් කලාපයක් ලෙස නම් කරයි
By Wasantha
දින කිහිපයක් තුල කොළඹ නගරයේ කොරෝනා නව ප්‍රභේදයන් ආසාදනය වූ රෝගීන් 14ක් හඳුනා ගැනීමත් සමග කොළඹ නගරය අවදානම් නගරයක් බවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි රුවන් විජයමුනි මහතා විසින් මෙම රතු නිවේදනය නිකුත් කර ඇති බව මාධ්‍ය වාර්තා පළකර ඇති බව සඳහන්. පුද්ගලයන් 14 දෙනෙකුගෙන් ගත් සාම්පල පරීක්ෂණ වාර්තාව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදේශ ලබාදෙනු ඇති බවත් මෙම පුද්ගලයන් 14 දෙනා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බවත් කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි රුවන් විජයමුනි මහතා කියා සිටියා.
එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන කොරෝනා රෝගීන් 20 දෙනාද කොළඹ වීම තවත් විශේෂිත කරුණක් වනවා.