කොළඹ වරාය ජා-ඇළ දක්වා දිගු කරයි.
Ranil Wickremesinghe
Sri Lanka
By Wayomi
කොළඹ වරාය ජා-ඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින්.
පළමුව කොළඹ වරාය ජා-ඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බවත්, ජපානය පළමුවෙන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් ජනාධිපතිවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බව ත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |