ප්‍රධාන මාර්ගයක වාහන ධාවනය සීමා කරයි - පොලීසියෙන් නිවේදනයක්..
By Sithumi
හෙට (7) රාත්‍රියේ හතේ සිට හැදල පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික බුද්ධ ජයන්ති මහා පෙරහැර හේතුවෙන් මීගමු කොළඹ මාර්ගයේ හැදල හංදිය සිට අල්විස් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පෙරහැර මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ ද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.
එබැවින් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ හැඳල හන්දියේ සිට අල්විස් හන්දිය දක්වා මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.
මාර්ග සිතියම සහ වැඩි විස්තර පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

