ජාතික රෝහලෙන් රතු එළියක්.. රෝගීන් අනතුරේ.

Ministry of Health Sri Lanka Colombo National Hospital Ravi Kumudesh National Health Service
By Aruna May 23, 2023 01:48 AM GMT
Aruna

Aruna

Report

නඩත්තුවක් නොමැතිවීම නිසා ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වනවා.

ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද රෝග සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දහසක පමණ ප්‍රමාණයක් සිදුකර ගැනීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මත බයිපාස් සැත්කම් සඳහා දිනයක් ලැබෙන්නේ වසර දෙකක පමණ කාලයක් ගතවූ පසුව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා.

මේ අතර ජාතික රෝහලේ ඉතා සරලව නවීකරණය කළ හැකි ජීවානුහරණ යන්ත්‍රය කැඩි ඇති බවත්, එය වසරක පමණ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවද වාර්තා වනවා.

මේ නිසා ක්ෂුද්‍රජීවීන් අතින් අල්ලා සේදිමට නියෝග දී ඇති නිසා රෝහල් කාර්යමණ්ඩලය ආරක්ෂාව නොමැතිව එම කාර්යයන් සිදුකිරීමට අපහසු බව සඳහන් කරයි.

එමෙන්ම ළමා රෝහලේ කුඩා දරුවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය මනින යන්ත්‍රය මාස දෙකක පමණ කාලයක සිට අක්‍රීය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.

මහනුවර රෝහලේ පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලේටර යන්ත්‍ර දෙකද අක්‍රීය වී තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර නතර වී තිබේ.

මෙම ගැටලු සම්බන්ධව සාකච්ජා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි අවධානය යොමු නොකර බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha