පෙම්වතියත් එක්ක Pre-Shoot ගන්න ගිය පොලිස් නිලධාරියෙකුට වැඩ වරදී

Report

පොලිස් නිල ඇඳුමින් සැරසී විවාහ මංගල්‍යයට පෙර ඡායාරූප ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ රැඳී සිටි පොලිස් නිලධාරියෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිලධාරියා තලංගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙකු බව අනාවරණය වී ඇත.

මහනුවර යටිනුවර පාර සහ කොළඹ පාර හන්දිය ආසන්නයේ පොලිස් රථවාහන නිල ඇඳුමින් සැරසුණු සම්පූර්ණ රැවුලක් සහිත පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරක් මත මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා පොලිස් නිලධාරියෙකු බවයි.

"තෙවරක් යක්ෂයා දුටුවා, නිරයේ දොරටුත් පෙනුණා" - පාප් වහන්සේගේ දිනපොතේ ඇති හොල්මන් කරන සටහන් මෙන්න

"තෙවරක් යක්ෂයා දුටුවා, නිරයේ දොරටුත් පෙනුණා" - පාප් වහන්සේගේ දිනපොතේ ඇති හොල්මන් කරන සටහන් මෙන්න

ලබන මාසයේ පැවැත්වීමට නියමිත සිය විවාහය වෙනුවෙන් හින්දු ආගමික චාරිත්‍රවලට අනුව රැවුල වවා ඇති බවත්, පෙම්වතිය සමඟ විවාහයට පෙර ඡායාරූප ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි බවත් ඔහු පොලිසියට පවසා ඇත.

එමෙන්ම, ආගමික චාරිත්‍ර අනුව රැවුල සහිතව විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයාගෙන් අවසර ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුඩ්ලර් මහතා පවසා ඇත්තේ පොලිස් නිලධාරීන්ට සම්පූර්ණ රැවුලක් වවා ගැනීමට අවසර නොමැති බවයි.

ඒ අනුව, අදාළ නිලධාරියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

කාලගුණයෙන් දිස්ත්‍රික්ක 23කට හදිසි රතු නිවේදනයක්

කාලගුණයෙන් දිස්ත්‍රික්ක 23කට හදිසි රතු නිවේදනයක්

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න