මේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් - දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදී 36%ක වැටුප් වැඩිවීමක්
බංග්ලාදේශයේ ඇඟලුම් ක්ෂේත්රයේ සේවකයින් වෙනුවෙන් 36%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව රටේ ආර්ථිකයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු කළ බවට ඇස්තමේන්තු කර ඇති මාස ගණනාවක විරෝධතා ව්‍යාපාරවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අතර බංග්ලාදේශ රජය විසින් පත් කරන ලද ඇඟලුම් කර්මාන්ත වැටුප් මණ්ඩලයේ සභාපතිවරයා අද(25) දින ප්‍රකාශ කළේ, එම ක්ෂේත්රයේ අවම මාසික වැටුප ටකා 12,500ක (ඇමරිකානු ඩොලර් 100) සිට ටකා 17,500ක් (ඇමරිකානු ඩොලර් 136) දක්වා ඉහළ නැංවීමට මණ්ඩලයේ "බහුතරයක්" එකඟ වූ බවයි.
බංග්ලාදේශ මහ බැංකුව විසින් ඇඟලුම් ක්ෂේත්රය හඳුන්වන්නේ "රටේ අපනයන එන්ජිම" වශයෙන්.
වාර්ෂිකව ඩොලර් බිලියන 38ක පමණ ආදායමක් උපයා දෙන මෙම ක්ෂේත්රය තුළ මිලියන හතරක පිරිසක් සේවය කරයි.
එසේම ඉන් රටේ සමස්ත අපනයනවලින් හතරෙන් පහක (4/5) ප්‍රමාණයක් නියෝජනය වෙන බව සඳහන්.
එමෙන්ම මෙම කර්මාන්තයේ සේවය කරන බොහෝ දෙනෙක් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බව සඳහන්.
කෙසේ වෙතත් යෝජනා කර ඇති ටකා 17,500ක වැටුප, විරෝධතාකරුවන් ඉල්ලා සිටි ටකා 30,000ක (ඇමරිකානු ඩොලර් 240) මුදලට වඩා අඩු අගයක් ගන්නා අතර, ඔවුන් මෙම යෝජිත වැටුප පිළිගනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නොමැත.
එසේම මෙම අර්බුදය විසඳීම සඳහා පිහිටුවන ලද වැටුප් මණ්ඩලයේ කම්කරු නියෝජිතයෙකු වන බබුල් අක්තර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ, "අපට සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවත්, ලැබී ඇති ප්‍රතිඵලය එතරම් නරකත් නැත" යනුවෙන්.
එමෙන්ම සේවකයින් නැවත තම කර්මාන්තශාලා වෙත පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටි බව සඳහන්. එමෙන්ම මීට පෙර සේවකයින්ගේ වැටුප් සංශෝධනයක් සිදු වූයේ සෑම වසර පහකට වරක් වුවද, මෙවර වසර තුනකට පසුව වැටුප් සංශෝධනයක් සිදු වී තිබේ.
ඒ අනුව මෙම වැටුප් වැඩිවීම දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, සේවකයින්ට ජනවාරි මාසයේදී නව වැටුප් ලැබෙනු ඇති බව වාර්තා වේ.