ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සංඥා කුළුණට නැගි පුද්ගලයා තොණ්ඩුවත් එක්ක බිම වැටෙයි - වැටුණු ගමන් ගහන්න එපැයි මරලතෝනි තියයි[PHOTOS]

Report

කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණ මත නැඟ පැයකට අධික කාලයක කලහකාරී ආකාරයට හැසිරුණු පුද්ගලයා ගෙලට දමා ගත් තොණ්ඩුව කැඩි ජම්පින් මෙට්ටය මතට වැටීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයෙක් බව සඳහන්.

මෙම සැකකාර පුද්ගලයා ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට කොළඹින් පිටතට වාහන යන පෙදෙසේ මාර්ග සංඥා කුළුණු මත නැග " බන්ධනයක් තියෙනවා ඒක කපා ගන්නත් ඕනේ" "ජනාධිපතිතුමා හමුවන්නත් ඕනේ" යනුවෙන් පවසමින් රැඳී සිට තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි කොටුව පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාට එම ස්ථානයෙන් බහින ලෙස පැවසුවත් ඔහු එය තදින් ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳලා - ඔහුම ලොවට හෙළි කරයි

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳලා - ඔහුම ලොවට හෙළි කරයි

එසේම පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සන්තකයේ ඒ වන විට චීත්තරෙද්දකින් සාදාගත් තොණ්ඩුවක එක කොටසක් මාර්ග සංඥා කුළුණේ උඩ කොටසේ ගැට ගසා තිබූ බවත් තමන්ව එම ස්ථානයෙන් බලහත්කාරයෙන් බැස්සවීමට කටයුතු කළොත් තොණ්ඩුව ගෙලට දමාගෙන මිය යන බවටත් තර්ජනය කරමින් පැයකට අධික කාලයක් සංඥා කුළුණු මත රැඳී සිටි බව‍යි.

පසුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ දිගු කළ හැකි ඉනිමන් රථයක් සහ ජම්පින් මෙට්ටයක් එම ස්ථානයට ගෙන්වා එම පුද්ගලයා රැඳී සිටි ස්ථානයට පහළින් එම ජම්පින් මෙට්ටය අතුරා ඔහු පහළට ගැනීමට දිගු කළ හැකි ඉනිමන් රථයේ උඩට එසවීමේදී එම පුද්ගලයා එකවරම අත රැදි තුණ්ඩුව ගෙලට දමාගෙන සංඥා කුළුණෙන් පැනිමත් සමඟම තොණ්ඩුව කැඩී ජම්පින් මෙට්ටට මතට වැටුනු බව පොලිසිය පවසයි.

එවිට එම පුද්ගලයා "අනේ ගහන්න එපා යනුවෙන් පවසමින් මරලතෝනි දෙන්නට වූ බවත් සිද්ධිය දුටුවෝ පවසයි.

හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි - භාණ්ඩාගාරයේ මුදල් කොල්ලය ගැන දිලිත් කට අරී

හැකර්වරුන්ට අපහාස කරන්න එපා මේ හැකරුවරුන්ගේ වැඩක් නෙමෙයි - භාණ්ඩාගාරයේ මුදල් කොල්ලය ගැන දිලිත් කට අරී

නිහඬ බව රකින්න නැත්නම් අපි....නවත්තනවා - රටම වට වෙද්දි කැළඹීම මැද සාම පාගමනේ භික්ෂූන්ගෙන් ඉල්ලීමක්

නිහඬ බව රකින්න නැත්නම් අපි....නවත්තනවා - රටම වට වෙද්දි කැළඹීම මැද සාම පාගමනේ භික්ෂූන්ගෙන් ඉල්ලීමක්

නීතිය සැර වෙයි - මේ අය ගැන පුළුල් විමර්ශනය

නීතිය සැර වෙයි - මේ අය ගැන පුළුල් විමර්ශනය

GalleryGalleryGallery