ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳලා - ඔහුම ලොවට හෙළි කරයි
තමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් (Prostate Cancer) පීඩා විඳි බවත්, සාර්ථක ප්‍රතිකාර මඟින් එය දැන් සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවත්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද (24) දින ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෑතකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකටත් වඩා අඩු ප්‍රමාණයේ "කුඩා ලපයක්" සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
එමෙන්ම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එය ඉතා මුල් අවධියේ පවතින මාරාන්තික පිළිකා ගෙඩියක් බවයි.
එම ගෙඩිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ඉලක්ක ගත ප්‍රතිකාර ලබා දී ඇති අතර, මේ වන විට ශරීරය තුළ රෝගයේ කිසිදු සලකුණක් නොමැති බව ද අගමැතිවරයා පවසා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඔහුගේ වාර්ෂික වෛද්‍ය වාර්තාව නිකුත් කිරීම මාස දෙකකින් ප්‍රමාද කර ඇත්තේ යුද්ධය පවතින අවස්ථාවක ඉරානය වැනි රටවල් මෙය "බොරු ප්‍රචාර" වෙනුවෙන් යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින් බවත් ඔහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.