වරාය බත්පතේ කැරපොත්තෙක් - ඊට පෙර පිහි කෑල්ලකුත්. - (VIDEO)

Port of Colombo Healthy Food Recipes Office of Public Health
By Wayomi Jan 15, 2025 10:22 AM GMT
Wayomi

Wayomi

Report

නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රි කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ කැරපොත්තා සිටි බව සඳහන්.

සේවකයින් චෝදනා කරන්නේ, කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ හා ප්‍රමිතියේ දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර හමුවී ඇති බවත්ය.

එමෙන්ම වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමග සේවක අප්‍රසාදය මත ආහාර සුරක්ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයින් පවසනවා.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

මේ අතර වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බව කියන සේවකයන් වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරියෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද සඳහන්.

එහිදී වරායේ කෑම විකිණීම තහනම් යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියාට කුස්සියේ සේවකයන් පවසා ඇති බවත්,මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්ෂ මොහොමඩ් රම්සින් ගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් මේ ගැන වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.

පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

පසුගිය සතියට සාපේක්ෂව රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

කෙසේ වෙතත් ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමනාකරු ඇලපාත ගේ දුරකතනයට ඇමැතුව ද ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ ගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා තමන්ට ලැබී නොමැති බවත්, එසේම වරාය කුස්සිය පෞද්ගලිකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවත්ය.


ReeCha