ඔබේ අතට එන රුපියල් 5000 සහ 2000 නෝට්ටු ගැන මීට වඩා හිතන්න

Report

පොලිස් විශේෂ මෙහෙයුම් දෙකකදී ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි බවට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් මෙහෙයුමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇත.

ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින් රත්මලාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල ඊයේ (25) වැටලීමක් සිදු කර තිබේ.

එම මෙහෙයුමේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91යි මිලිග්‍රෑම් 200ක්, ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු දෙකක් සහ ව්‍යාජ රුපියල් 2,000 නෝට්ටු 21ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25, 29, 30, 32, 35 සහ 52ක් වන අතර, ඔවුන් ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පෑලන්ද සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එදිනම රාත්‍රියේ සිදු කළ වෙනත් මෙහෙයුමකදී කොහුවල පොලිසිය විසින් දෙහිවල ප්‍රදේශයේදී 56 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවා සතුව තිබී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් 2,000 ව්‍යාජ නෝට්ටු 38ක් සොයාගෙන ඇති අතර, ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

සිද්ධි දෙක සම්බන්ධයෙන්ම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

ලිංගික චෝදනා රැසක්.. ලොවක් වසඟ කළ 'පොප් රජුගේ' අඳුරු පැත්ත යළි කරළියට

ලිංගික චෝදනා රැසක්.. ලොවක් වසඟ කළ 'පොප් රජුගේ' අඳුරු පැත්ත යළි කරළියට

AI නිසා IT රැකියා ලෝකයම හෙල්ලෙයි - මේ වසරේ මේ දක්වා 92,000කට රැකියා අහිමියි

AI නිසා IT රැකියා ලෝකයම හෙල්ලෙයි - මේ වසරේ මේ දක්වා 92,000කට රැකියා අහිමියි