“වසත් සිරිය 2026” කොළඹදී උත්සවාකාරයෙන් – අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් අලංකාර වේ

Report

ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “වසත් සිරිය 2026” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (25) දිනය පුරා කොළඹ 02, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වී සිටියා.

“වසත් සිරිය 2026” අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ අතර අවුරුදු කුමරා, කුමරිය ඇතුළු වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් තරඟ ඉසව් රැසක් සංවිධානය කර තිබුණා.

දැන් තියෙන්නේ පොකැට් කාරයන්ගේ ආණ්ඩුවක් නාමල්ගෙන් ආණ්ඩුවට බරපතල චෝදනා

දැන් තියෙන්නේ පොකැට් කාරයන්ගේ ආණ්ඩුවක් නාමල්ගෙන් ආණ්ඩුවට බරපතල චෝදනා

එමෙන්ම අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක්ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත්.

කඩමණ්ඩිය සහ වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් වුණා. “වසත් සිරිය 2026” අසිරිය විඳ ගැනීමට විදෙස් සංචාරකයන් රැසක්ද එක් වී සිටියා.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීහු, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

හෙටත් උණුසුම ඉහළට – ප්‍රදේශ රැසකට අවදානම් අනතුරු ඇඟවීම්

හෙටත් උණුසුම ඉහළට – ප්‍රදේශ රැසකට අවදානම් අනතුරු ඇඟවීම්