කොළඹ ඓතිහාසික කොටුව ජාත්‍යන්තර සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට සැලසුම්

Report

කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය ආකර්ෂණීය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක බැංකු ණය සහ ආධාර අනුග්‍රහය යටතේ බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

යාපනය කළඹමින් උසස් පෙළ සිසුවා ජීවිතක්ෂයට - උත්තර ලියමින් සිටියදීම හදිසියේ වූ ඛේදවාචකය

යාපනය කළඹමින් උසස් පෙළ සිසුවා ජීවිතක්ෂයට - උත්තර ලියමින් සිටියදීම හදිසියේ වූ ඛේදවාචකය

ප්‍රදේශයේ පවතින ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත අතර, කොළඹ වරාය නගරය සහ කොළඹ වරායට පැමිණෙන සංචාරක නෞකා සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙහිදී ව්‍යාපෘතියේ මූලික අධ්‍යයන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, කොටුව ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් සෙවීම සඳහා මේ වන විටත් විධිමත් රථවාහන අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව ද හෙළි විය.

මුළු ලංකාව වටේම සිදුවෙන දේ ගැන දැනුම්දෙමින් පැය 24ක් වලංගු නිවේදනයක්

මුළු ලංකාව වටේම සිදුවෙන දේ ගැන දැනුම්දෙමින් පැය 24ක් වලංගු නිවේදනයක්

සමස්ත සැලැස්ම සකස් කිරීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම කෙරෙහි ද විශේෂ ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙස පෙන්වා දුන්නේය.