යාපනය කළඹමින් උසස් පෙළ සිසුවා ජීවිතක්ෂයට - උත්තර ලියමින් සිටියදීම හදිසියේ වූ ඛේදවාචකය
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් වූ යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බව සඳහන්.
ඉකුත් අගෝස්තු 10 වන දින විභාග ශාලාවේදී සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී ඇත.
අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව නැවත නිවසට පැමිණ සිටියදී ඉකුත් අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතළ ලෙස අසනීප වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව රෝහල් ගත කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදුවීම පිළිබඳව යාපනය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරයි.