කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ

Report

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට නැවත ආරම්භ වේ.

ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද මෙරට පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

මේ හේතුව නිසා හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනයට යොදා ගැනීමට නොහැකි වී තිබේ.

 තවද එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදුව තිබුණි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මාර්ගය යථා යතත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සිදුකෙරන බවයි.

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඒ වගේම ඊට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර අතර උදෑසන සහ සවස් කාලයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

කොළඹ කොටුව සිට හලාවත දක්වා සහ හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය කාලසටහන පහත දැක්වේ.

කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ | Colombo Fort To Chilaw Train Back In Service