අද උදේ 6 වෙනකොට වාර්තා වූ තත්ත්වයක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බවට එම දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කළේ, අද (13) දින පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.

එසේම වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් බව සඳහන්.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතින බව පවසයි.

විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතී.

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතින බවත් වාර්තා වේ.

මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - සවස 3.30 දක්වා වලංගු වන පරිදී මේ අයට මි.මි 200ට වැඩි තද වැසි තත්ත්ව

මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - සවස 3.30 දක්වා වලංගු වන පරිදී මේ අයට මි.මි 200ට වැඩි තද වැසි තත්ත්ව

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 1 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බව සඳහන්.

මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දන්වයි.

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්