කොළඹට බැටරි හුවමාරු මධ්‍යස්ථානයක්

Sri Lanka
By Sithumi Apr 20, 2023 06:11 PM GMT
Sithumi

Sithumi

Report

විද්‍යුත් යතුරුපැදි බැටරි හුවමාරු කිරීම සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කර එය පවත්වාගෙන යාම සඳහා USAID ආයතනයේ මෙරට බලශක්ති වැඩසටහන සහ Sling Mobility ආයතනය අතර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ ඉදිකෙරෙන අදාළ මධ්‍යස්ථාන මගින් විද්‍යුත් යතුරුපැදි හිමියන් සතු ආරෝපණය බැසගිය පැරණි බැටරිය ආරෝපණය වනතුරු දිගු වේලාවක් රැඳී සිටීමකින් තොරව ආරෝපිත නව බැටරියක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

එහි නියමු ව්‍යාපෘතිය යටතේ ඊ යතුරුපැදි ධාවකයින් 20 දෙනෙකුටද අවස්ථාව හිමිවන අතර මෙමගින් රටපුරා විද්‍යුත් බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට සහායක් ලැබෙනු ඇති බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.

 ශ්‍රී ලංකාවේ  ඊ තාක්‍ෂණයේ දියුණුව උදෙසා කැපවීමෙන් සහාය දෙන බවයි එම අවස්ථාවේදී USAID මෙහෙයුම් අධ්‍යක්ෂ Gabriel Grau රෝ වැඩිදුරටත් පවසා ඇත්තේ.