සිසුන් ඉගෙනගන්නා රජයේ පාසලක් පිළිබඳව භයානක අනාවරණයක්
බදුල්ල - සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම අවදානමට ලක්වූ දෙමහල් ගොඩනැඟිල්ල පිහිටි ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කර, සිසුන් වෙනත් ගොඩනැඟිලිවලට යොමු කර පන්ති පැවැත්වීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ක්‍රීඩාංගණයට අයත් කොටසකද පස්කණ්ඩි කඩා වැටීමේ තත්ත්වයක් පවතින අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කළ පරීක්ෂාවකදී, මෙම කණ්ඩිය ස්ථායි ලෙස බැම්මක් ඉදිකර ආවරණය කරන තුරු ඉටි රෙදි වලින් ආවරණය කළ යුතු බව නිර්දේශ කර ඇත.
ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මනෝහරී ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ, මෙම ආරක්ෂක බැම්ම ඉදිකිරීමට රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති බවයි.
දෙමාපියන්ගේ ඉල්ලීම අනුව, මෙම කටයුතු ඉක්මනින් සම්පූර්ණ කර සිසුන්ගේ අධ්‍යාපනයට පහසුකම් සලසා දීමට බලධාරීන් අවධානය යොමු කර ඇති බවද සඳහන් වේ. තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවෙන්නැයි දැනුම් දෙයි.