පොල් ඵලදාව මිලියන 300කින් පහළට

By Zara Mar 10, 2025 01:07 PM GMT
Report

ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3,000 ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

නමුත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300 කින් පමණ අඩු වී ඇතැයි ද එය පොල් මිළ ඉහළ යාමට හේතු වූ බවද පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පෝෂණ ගැටලු මත පසු ගිය වසර වලට සාපේක්ෂව 2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවයි.

එම මණ්ඩලය පවසන්නේ. මේ අතර තාක්ෂණික මෙන්ම කළමණාකරණ ගැටළු නිසාද පොල් ඵලදාව අඩු වී ඇති බවත් සඳහන් වන අතර ඒවාට කඩිනම් විසඳුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

පසුගිය වසරේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25 ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

පුංචි ඡන්දෙට එන්න චමල්ටත් ආස හිතිලා

පුංචි ඡන්දෙට එන්න චමල්ටත් ආස හිතිලා