පුංචි ඡන්දෙට එන්න චමල්ටත් ආස හිතිලා

By Shehan Mar 10, 2025 03:12 AM GMT
Report

කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා ඊයේ (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගි වෙමින්ය.

ඉදිරියේදී ඉන්ධන මිලට මොනවා වෙයිද? - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ දැනෙන වෙනසක්

ඉදිරියේදී ඉන්ධන මිලට මොනවා වෙයිද? - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ දැනෙන වෙනසක්

මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට

එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.