පොල් සම්බන්ධයෙන් ඇමති කියූ දේ..මිලට කුමක් වෙයිද?
Sri Lanka Politician
Sri Lanka
Businessman
Samantha Vidyaratna
By Aruna
අද වන විට රට තුළ පොල් සහ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටිනවා.
සහල් හිගය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවෙන් සහල් ආනයනය කරමින් ඇති බවත් පවසන අමාත්‍යවරයා පොල් ආනයනය කිරීමේ හැකියාවක් නැති බවයි කියා සිටියේ.
පොල් හිගය ඇති වීමට පසුගිය වසර පහක කාලයේදී පොල්ව ගාව නිසි ලෙස නඩත්තු නොකිරීමත් එම කාලයේදී බලපෑ පොහොර හිඟයත් බලපා ඇතැයිද ඔහු ප්‍රකාශ කර සිටියේ ය.
නමුත් රජයේ පොල් වතුවල පොල් සතොස ජාලය හරහා සහන මිලට බෙදා හරින බවත් ඇමතිවරයා අවධාරණය කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරියේදී පොල් වගාව සංවර්ධනය කිරීමට තම රජය යටතේ බලාපොරොත්තු වන බවයි.
You May Like This Video