නැතුවම බැරි පොල්තෙල් වලට එකවරම වුණ දෙයක්?.

Report

මේ වන විට පොල්තෙල් බෝතලයක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

නැතුවම බැරි පොල්තෙල් වලට එකවරම වුණ දෙයක්?. | Coconut Oil Price In Sri Lanka

ඒ බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙලෙස මිල වැඩි කිරීමට හේතුව ආනයනික පොල්තෙල් සඳහා රේගුව බදු වැඩි කිරීමද යන්න ගැටලුවක් බවයි.

මේ අතර, සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.


පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

නමුත් ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමඟ ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.