කුමාර ජයකොඩිට සජබෙන් අමතයි - මෙන්න විස්තරේ

Report

පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා ගල්අඟුරු මිලදී ගැනීමේදී වංචාවක් සිද්ධ වෙලා තියෙනවා, මේ වංචාවට මේ ඇමතිවරයා ඇතුළු මාලිමා ආණ්ඩුවත් , ජනාධිපතිවරයාත් වගකියන්න ඕන, ඒ නිසා මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න, නීතිය ක්‍රියාත්මක නොවුනොත් ඉදිරියේදී එන සමඟි ජන බලවේග ආණ්ඩුවේ පළමුවැනි කාරණාව වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු, කුමාර ජයකොඩි ඇමතිවරයා ඇතුළු මේ සියලු දෙනාට ඉතිහාසයේ සිදු වුණු විශාලම හොරකමට නඩු පැවරිම, දඬුවම් කිරීම සමඟි ජන බලවේග ආණ්ඩුවක් යටතේ අපි කරනවා යැයි සමඟි ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල ඇඳගල පිහිටි සමඟි ජන බලවේග කළාවැව ආසන මැතිවරණ කාර්යාලයේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් කිරි උතුරුවා සිය කාර්ය මණ්ඩලය සමඟ පැවති අවුරුදු උත්වසයට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, කුමාර ජයකොඩි ඇමතිවරයා ඉල්ලා අස්වුණා නෙමෙයි , ඉල්ලා අස්වෙන්නට සිදු වුණා කියන එක ඉතිහාසයේ නිවැරදි කරන්න ඕන, ජනාධිපතිවරයා, කුමාර ජයකොඩි ඇමතිවරයාව ආරක්ෂා කරන්නට, ඇමති ධූරයේ තබා ගන්නට අපමණ උත්සහයක් ගත්තා.හැබැයි මේ රටේ හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ පුරවැසියන්ගේ නැගී සිටීම, පුරවැසියෙන්ගේ බලපෑම මත මාලිමා ආණ්ඩුවට, කුමාර ජයකොඩි ඇමතිවරයාට සිද්ධ වුණා ඉල්ලා අස්වෙන්නට, හැබැයි අපි මතක් කරන්න ඕන ඉල්ලා අස්වීම මේ ප්‍රශ්නයට උත්තරය නෙමෙයි. කෝටී 1000 කට අධික වංචාවක් සිද්ධ කරලා තියෙනවා, මේ වංචාවට කුමාර ජයකොඩි ඇමතිවරයා පමණක් නෙමෙයි, කුමාර ජයකොඩි ඇමතිවරයාට ඉහළින් ඉන්න අනුර කුමාර ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා මේ වංචාව සම්බන්ධව කියලා අපි විශ්වාස කරනවා.ඒ නිසා අපි විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුවට, අගමැතිවරයාට, ජනාධිපතිවරයාට, සියලු දෙනාටම මතක් කර සිටිනවා මේ ගල් අඟුරු වංචාවේ සියලු කාරණා වහන්න තමයි ඔබතුමන්ලා උත්සහ කලේ, හැබැයි මේ රටේ පුරවැසියන්, මේ රටේ සිවිල් සංවිධාන මේ රටේ විපක්ෂයේ ක්‍රියාකාරීන්ගේ බලපෑම නිසා තමයි ඉල්ලා අස් වෙන්න සිද්ධ වුණේ, ඉවත් වීම දඬුවම් ලැබීම නෙමෙයි.ඉවත් වෙනවා වගේම අපි අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ රංග දිසානායක මහත්තයාට විශේෂයෙන් මතක් කරන්න ඕන, දැන් ඔබතුමන් ගන්න ඕන නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේ හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.මේ ඇමතිවරයාට විරුද්ධව විගණකාධිපති වාර්ථාවක් තියෙනවා.ඒ වගේම මහජන උපයෝගීතා කොමිෂන් වාර්ථාවක් තියෙනවා.මේ වාර්ථා අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කටයුතු කරන්නේ වෙනත් විදිහකට නොවී ආණ්ඩුවේ ඇමතිවරයාටත් කොමිෂන් දාලා මේක ඇල් මැරෙන්නට සලස්වලා දියාරු කරලා ජනතාවට කොලේ වහන වැඩ කරන්නේ නැතිව, ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාටත්, අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් යුතුකමක් තියෙනවා මේකට නීතිය ක්‍රියාත්මක කරන්න.ඒක වන තුරු අපි බලාගෙන ඉන්නවා. මේ ඇමතිවරයා පමණක් නෙමෙයි සාමූහිකව මෙහෙම වංචාවක් වුනේ නෑ කියලා කියපු කැබිනට් මණ්ඩලය, මේ රටේ අගමැතිවරිය, දිගින් දිගටම කිව්වා පාඩුවක් සිදු වෙලා නෑ කියලා.ඊට පස්සේ වංචාවක් වෙලා නෑ කියලා.ඒ නිසා පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා ජනතාව ඉදිරියේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා, මේ වංචාවට මේ ඇමතිවරයා ඇතුළු මාලිමා ආණ්ඩුවත් , ජනාධිපතිවරයාත් වගකියන්න ඕන, ඒ නිසා මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න, නීතිය ක්‍රියාත්මක නොවුනොත් ඉදිරියේදී එන සමඟි ජන බලවේග ආණ්ඩුවේ පළමුවැනි කාරණාව වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු, කුමාර ජයකොඩි ඇමතිවරයා ඇතුළු මේ සියලු දෙනාට ඉතිහාසයේ සිදු වුණු විශාලම හොරකමට නඩු පැවරිම, දඬුවම් කිරීම සමඟි ජන බලවේග ආණ්ඩුවක් යටතේ අපි කරනවා කියලා මතක් කරන්න ඕන. අපි පැහිදිලිව මතක් කරන්න ඕන, නිර්දන පන්තිය, මේ රටේ කම්කරු පන්තිය, මේ රටේ ගොවි ජනතාව මේ රටේ තැලෙන පොඩි වෙන පොඩි මිනිහා වෙනුවෙන් තමයි අපි දේශපාලනය කරන්නේ කියලා ,අපිත් ඒ පන්තියේ මිනිස්සු කියලා , අපිට ධනය නෑ, අපිට කිසි දෙයක් නෑ, අපි මුකුත් නැති මිනිස්සු විදිහට තමයි මේ අය රඟපෑවේ .එහෙම රඟපාලා මේ රටේ පොඩි මිනිහගේ ඡන්දය අරගෙන , මේ රටේ නිර්ප්‍රභූ පන්තියේ කම්කරුවාගේ ඡන්දය අරගෙන ගියපු අය විශාලම රැවටීමක් කරලා තියෙනවා කියන කාරණය පේනන තියෙනවා.

ඒ නිසා ලාල් කාන්ත ඇමතිවරයාට පහුගිය අවුරුදු 02 කට කලින් නොතිබුණු ධනයක්, අද එක පාරටම කොහොමද ලැබුනේ කියලා මම හිතනවා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාට දැන් විමර්ශණය කරන්න පුලුවන් මේ අයට කොහොමද මේ ආකාරයට ධනයක් ලැබුනේ කියලා.ඒ වගේම අපිට පිළිගන්න පුලුවන් යම් කාරණයක් තියෙනවා නිශ්චල දේපල අම්මා- තාත්තා මැරුණට පස්සේ ලැබුණා කියන එක පිළිගමුකෝ, අනෙක් පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා කෝටි 38 ක මේ රටේ සමාගම් වල කොටස් ගන්නට ඔබට කෝටි 38 ක පෙටි කෑෂ් මුදලක් කොහෙන්ද ලැබුනේ, ඒක තමයි විශාලම ගැටලුව, කෝටි 38 ක මේ රටේ සමාගම් වල කොටස් ගන්න තරම් ලාල් කාන්ත ඇමතිවරයාට ලැබුනේ අපිට පේනන තියෙනවා මේක දේශපාලනය නිසා විවිධ විවිධ කූඨ ක්‍රම වලින් අයුතු මාර්ග වලින් ලැබුණු ධනයක් ඒ වගේම අපිට හොයන්න තියෙනවා මේ දැන් අමාත්‍ය ධූරය දරමින්, මේ කොටස් ගත්ත සමාගම් වලට අයුතු ලාභ යන විදිහට වැඩ නොකරයි කියලා අපිට විශ්වාස කරන්න පුලුවන්ද?

විවිධ විවිධ කම්පැණිකාරයෝ, මහා පරිමාණ කූඨ ව්‍යාපාරිකයෝ මේ මුදල් දෙන්නේ අයුතු ලාභ ගන්න, ඒ අයුතු ලාභ ලෙස ගන්නේ මහජනතාවගේ සාක්කුවට ගහන මුදල්, ඒ මුදල් තමයි අද ලාල් කාන්තලාට කෝටි ප්‍රකෝටි ගණන් ලෙස ලැබෙන්නේ.ඒ නිසා නිර්ධන පන්තියේ බොරු සළු අද ගිලිහිලා තියෙනවා.ඒ නිසා මොවුන් ඇවිත් අද නිර්ධන පන්තිය අන්දාගෙන, ඉතාමත් සුපිරි ධනකුවේරයන්, ධනපතියන් බවට පත් වෙලා තියෙනවා.මිනිස්සු රවට්ටලා ගත්ත සල්ලි වලින්, ඒ නිසා ලාල් කාන්තගේ වත්කම් පිළිබඳව විමර්ශණය කරන්න, කොහොමද අයුතු ධනයක් හොයා ගත්තේ කියලා දැන් පුළුවන් ජනාධිපතිවරයාට ඒකටත් කොමිෂන් එකක් දාන්න, ඒ වගේම ලාල් කාන්ත ඇමිතරවායට කොමිෂන් එකක් දාලා එතුමා කොහොමද ධනය උපයා ගත්තේ කියනවා වගේම අපි යෝජනා කරනවා මේ අනෙක් ඇමති මණ්ඩලයත් , හිටපු ඇමතිවරු සියලු දෙනාටමත් ජනාධිපතිවරයාට පුලුවන් කොමිෂන් දාලා මේ රටේ ජනතාවගේ කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් මේ අය හොරා කෑවේ කොහොමද කියලා දැන් හොයලා බලන්න ජනාධිපතිතුමාට පුලුවන් යැයි පැවසීය.