බිහිසුණුම වෙඩි ප්‍රහාර වලට මුහුණ දුන් ක්ලබ් වසන්තගේ බිරිද සුවවී නිවසට යයි.. සැමියා ගැන දැනගත් පසුව ඇයට දැන් සිදුව ඇතිදේ...
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන නිවසට රැගෙන ගොස් තිබෙනවා.
වාර්තා වන්නේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි.
කෙසේ වෙතත්, ඔහු මියගිය බව ඇය දැනගෙන ඇත්තේ ද ඊයේ දිනයේ, ඒ හේතුවෙන් ඇය දැඩි සේ වේදනාවෙන් පසුවෙන බවද තවද මේ මොහොතේ ඇය විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදින බවද සඳහන් වනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා.
එහි දී ඔහු ඇතුළු තවත් අයෙකු මිය ගියා. එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.
කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව ද සඳහන්.
එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.