මෙව් දිනවල අධික උශ්නත්වයෙන් මිදෙන්නට ඔබ අනුගමනය කළ යුතුම දේ මෙන්න
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට ඔබත් පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරන්න.
1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
3. පෙරවරු 11 සිට පස්වරු3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම
තවත් කෙනෙකුට දැන ගැනීමට මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්නට අමතක නොකරන්න.