ඒ ගැටළුවත් විසදෙයි - දේශගුණයට ඔරොත්තු දෙන තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියක්
දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
එම ව්‍යාපෘතිය මගින් විශ්වසනීය හා තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක සේවාවල ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ජල අංශයට අදාළ යටිතල පහසුකම්වල දේශගුණයට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරනු ලබයි.
''ආර්ථිකය ගැන හොදට දන්න විපක්ෂෙ අය කතා කරන්නේ නෑ ඒ ගොල්ලො දන්නවා ආර්ථිකය හොදට දුවනව කියලා'' නි.ඇමති චතුරංග පාර්ලිමේන්තුව දෙවනත් කරයි
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශ කිහිපයක ආදායම් නොලබන ජලය අඩු කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කර ඇත එම ව්‍යාපෘතිය සඳහා වන මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වන බව සදහන් වේ .
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මගින් මූල්‍යනය කිරීමට අපේක්ෂා කෙරෙන අතර එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කරයි.
1) අඹතලේ ජල පිරිපහදු පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
2) ජුබිලි ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
3) කොලොන්නාව ආදායම් නොලබන ජල කළමනාකරණ ව්‍යාපෘතිය
4) ඝනමීටර 20,000ක ධාරිතාවක් සහිත ලුණුගම්වෙහෙර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය
5) යාපනය අපජල ව්‍යාපෘතිය ඒ අනුව, එම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, උප ව්‍යාපෘති 05ට අදාළව ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.