දේශබන්දු සොයා CIDය සාගලගේ ගෙදරට

CID - Sri Lanka Police Sagala Ratnayaka Deshabandu Tennakoon
By Shehan Mar 12, 2025 03:29 AM GMT
Shehan

Shehan

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නිවස බලා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා ඔවුන් සෝදිසි වරෙන්තුවක් ද ලබාගෙන ඇති බව සඳහන්.

යළි පොහොට්ටුවට දේශපාලනයට එන ලොහාන් රත්වත්තේ!

යළි පොහොට්ටුවට දේශපාලනයට එන ලොහාන් රත්වත්තේ!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර දේශබන්දු තෙන්නකෝන් සොයා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මාතර පිහිටි මහගෙදර ද සෝදිසියට ලක්කර තිබිණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

ReeCha