යළි පොහොට්ටුවට දේශපාලනයට එන ලොහාන් රත්වත්තේ!

SLPP Lohan Ratwatte Sri Lanka Politician Local government Election
By Shehan Mar 12, 2025 02:34 AM GMT
Shehan

Shehan

Report

මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තීරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

 ඔහු ඊයේ (11) මේ බව කියා සිටියේ, මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේදි පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.

පසුගිය මැතිවරණයට තමන් තරඟ නොකල බවත් අසතුටු සිද්ධීන් කිහිපයක් සිදුවු නිසා තම පක්ෂ කාර්යාලය මාස 3 ක් පමණ වසා දමන්නට සිදුවු බවද ලොහාන් රත්වත්තේ මහතා පැවසිය.

පොදුජන ‍පෙරමුණ මගින් තීන්දුවක් රැගෙන වගකීමක් බාර දුන්නොත් එය බාර ගැනිමට තමන් සුදානම් බවත්, මාලිමා රජය පොරොන්දු රාශියක් දුන් නමුත් ඒවා ඉටුවන බවක් පේන්නට නොමැති බවද ඔහු සදහන් කළේය.

වෛද්‍යවරියට ලිංගික අතවර කළ සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

වෛද්‍යවරියට ලිංගික අතවර කළ සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

ජනතාව දුන් වගකීම තමන් ඉටු කළ බවත් පසුගිය මැතිවරණයේදි විශාල රැල්ලක් මාලිමාවට තිබුණ නිසා පිට ඡන්දය දුන් අයද ඒ පැත්තට ඡන්දය දුන් බවත් ලොහාන් රත්වත්තේ එහිදී කියා සිටියා.

ජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්නටද තමන් කැමති බවද පවසමින් ඔහු කියා සිටියේ,මහනුවර පමණක් නොව ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්නට තමන් සූදානම් බවත් පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවයි.

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

අනුරුද්ධ රත්වත්තේ ගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් බලය රැක ගැනීම නොව මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීම වැදගත් බවත් ඔහු පැවැසීය. ඒ වෙනුවෙන් තමන් යළි දේශපාලනයට පැමිණීමට කටයුතු කරනු ලබන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ReeCha