අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට

Report

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව අද (18) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැති වුවද, එය ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වන බව විමර්ශන අංශ පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන සංවිධායකයින් සහ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ආ මාර්ග පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රියව ක්‍රියාත්මක කර තිබේ.

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ