“රටම එකට” මෙහෙයුමෙන් එක් දිනකදී සැකකරුවන් 706ක් පොලිස් අත්අඩංගුවට

Report

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (17) දිනයේදී දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලින් පුද්ගලයින් 706 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා දිවයින පුරා වැටලීම් 708ක් ක්‍රියාත්මක කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

තවත් සැකකරුවන් 11 දෙනෙකු රැඳවුම් නියෝග මත තබා ඇති අතර, සිව් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙම මෙහෙයුමේ අරමුණ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම බව පොලිසිය පවසයි.

සී.ඩී. වික්‍රමරත්නගේ මරණ විමර්ශනය පොලිස් ලොක්කන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

සී.ඩී. වික්‍රමරත්නගේ මරණ විමර්ශනය පොලිස් ලොක්කන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

සියදිවි නසාගත් හිටපු පොලිස්පතිට නිසි පොලිස් උත්තමාචාර දෙනවද නැද්ද යනුවෙන් විශේෂ තීරණයක්

සියදිවි නසාගත් හිටපු පොලිස්පතිට නිසි පොලිස් උත්තමාචාර දෙනවද නැද්ද යනුවෙන් විශේෂ තීරණයක්