කැනඩාවේ ලැව්ගින්න නිසා ඇවිළුණු ට්‍රම්ප්ගෙන් කැනඩාවට තීරු බදු තර්ජනයක්

Report

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවට දුම් පටලයක් – ට්‍රම්ප්ගෙන් නව තීරු බදු තර්ජනයක් කැනඩාවේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ උතුරු ප්‍රදේශ රැසක් දුමෙන් වැසී යාමත් සමඟ, කැනඩාවට එරෙහිව නව තීරු බදු පැනවිය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

කැනඩාවේ ලැව්ගිනි පාලනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු දේශපාලනඥයන්ගෙන් එල්ල වූ විවේචන සහ ඔන්ටාරියෝ ප්‍රාන්ත අගමැති ඩග් ෆෝඩ් විසින් ගිනි නිවීම සඳහා සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීම් අතරතුර ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, “අපිරිසිදු, දූෂිත සහ සෞඛ්‍යයට අහිතකර වාතයෙන් ඇමරිකාව අනවශ්‍ය ලෙස බලපෑමට ලක්ව ඇති බවයි.” කැනඩාවේ “හිතාමතා නොසැලකිල්ල” හේතුවෙන් නව බදු පැනවීම පිළිබඳව සලකා බලන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

දකුණු නෝර්වේවල ජනතාව කැළඹෙයි - දැවැන්ත ගින්නකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි - වහාම ජනතාව ඉවත් කරයි

දකුණු නෝර්වේවල ජනතාව කැළඹෙයි - දැවැන්ත ගින්නකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි - වහාම ජනතාව ඉවත් කරයි

කැනේඩියානු වයිල්ඩ්ලන්ඩ් ෆයර් ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනයට අනුව, සිකුරාදා වන විට කැනඩාව පුරා ලැව්ගිනි 888ක් පමණ සක්‍රීයව පැවති අතර, ඉන් බොහොමයක් තවමත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයේ පවතී. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පමණක් ගිනි 190කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ට්‍රම්ප් පවසා ඇත්තේ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සමඟ සාකච්ඡා කර එරට වනාන්තර නිසි ලෙස නඩත්තු නොකිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි.

මේ අතර, කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කළ යුතු බවට ට්‍රම්ප් මීට පෙර කළ ප්‍රකාශය ද රිපබ්ලිකන් දේශපාලනඥයන් කිහිපදෙනෙකු නැවත මතු කර තිබේ.

එම අදහස කැනේඩියානුවන් අතර දැඩි විරෝධයට හේතු වී ඇති අතර, ඇතැමුන් විරෝධයක් ලෙස ඇමරිකාවට සංචාරය කිරීමද අඩු කර ඇති බව වාර්තා වේ. කැනේඩියානු බලධාරීන් පවසන්නේ ලැව්ගිනි මර්දනය කිරීම සඳහා දෙරට අතර දිගුකාලීන සහයෝගීතාවයක් පවතින බවයි.

1982 සිට ගිනි නිවීමේ අන්‍යෝන්‍ය සහාය ගිවිසුමක්ද දෙරට අතර ක්‍රියාත්මක වන බව ඔවුන් පෙන්වා දෙයි.

කැනේඩියානු රජය වනාන්තර ආරක්ෂාව සහ ගිනි වැළැක්වීම සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 12ක් පමණ ආයෝජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එලිනෝර් ඔල්ෂෙව්ස්කි සඳහන් කර තිබේ.

මේ වන විට කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 3කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත. ලැව්ගිනිවල බලපෑම කැනඩාවට පමණක් සීමා නොවී ඇමරිකාවේ මිනසෝටා, මිචිගන්, පෙන්සිල්වේනියා, ඔහියෝ සහ නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත රැසකට පැතිර ගොස් තිබේ.

එම ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය අනතුරුදායක මට්ටමකට පහත වැටීම හේතුවෙන් එළිමහන් වැඩසටහන් රැසක් අවලංගු කර ඇත.

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව නිරීක්ෂණ ආයතනයක් වන IQAir අනුව, සිකුරාදා දිනයේ ඩෙට්‍රොයිට් නගරයේ වායු තත්ත්වය ලොව නරකම මට්ටමේ පැවති අතර, ඉන් පසු චිකාගෝ, වොෂින්ටන් ඩී.සී. සහ නිව්යෝර්ක් නගරද දැඩි බලපෑමට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, විද්‍යාඥයන් පවසන්නේ මෙම තත්ත්වයට කැනඩාවේ පමණක් වගකිව නොහැකි බවයි.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය පැට්‍රික් ජේම්ස් සඳහන් කරන්නේ කාලගුණයට දේශසීමා නොමැති බවත්, දුම සුළඟ සමඟ ඕනෑම ප්‍රදේශයකට ගමන් කළ හැකි බවත්ය.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යාම සහ වියළි තත්ත්වයන් වැඩිවීම ලැව්ගිනි ව්‍යාප්තියට බලපාන ප්‍රධාන කරුණු බවයි.

ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් ඇමරිකානු විවේචනවලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, කැනඩාව මීට පෙර කැලිෆෝනියාවේ ලැව්ගිනි සහ උතුරු කැරොලිනාවේ සුළි කුණාටු අවස්ථාවලදී ඇමරිකාවට සහාය ලබාදුන් බවයි. “පැමිණිලි කරනවා වෙනුවට සහාය ලබාදෙන්න” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ ඇතැම් ආදිවාසී ප්‍රජාවන්ට තම නිවාස අතහැර ඉවත් වීමට සිදුව ඇති අතර, එක් ප්‍රජා නායකයෙකු සඳහන් කර ඇත්තේ තම ප්‍රදේශය “අළු බවට පත්ව ඇති” බවයි.

නමයගූසිසාගුන් (Namaygoosisagagun) පළමු ජාතීන් ප්‍රජාවේ ජනතාව බෝට්ටු මගින් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, ගින්න හේතුවෙන් එම ප්‍රජාව දැඩි ලෙස විනාශ වී ඇති බව වාර්තා වේ.

ඔන්ටාරියෝ බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රජා 10කට ආසන්න සංඛ්‍යාවක ජනතාව ඉවත් කර ඇති බවත්, ගිනි නිවීම සඳහා ගිනි නිවන කණ්ඩායම් 150කට වැඩි සංඛ්‍යාවක්, ජල බෝම්බ හෙළන ගුවන් යානා සහ හෙලිකොප්ටර් යොදා ඇති බවත්ය.

මේ අතර, ඇමරිකාවේ ජනතාවට දුම ආශ්වාස කිරීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් හේතුවෙන් නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල නොමිලේ මුහුණු ආවරණද බෙදා දී තිබේ.

“මේක නගරයක්ද ඉඟුරු කෑල්ලක්ද” - නගරයේ පාරවල් ඉඟුරු වලට සමාන කළ ඉන්දිය තරුණිය

“මේක නගරයක්ද ඉඟුරු කෑල්ලක්ද” - නගරයේ පාරවල් ඉඟුරු වලට සමාන කළ ඉන්දිය තරුණිය