අගමැතිනිගේ ලිංගික කැමැත්තට මඩ ගැසීම මොන නීතියක්ද ලංකාවේ, මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ - CID පැමිණිල්ලක්

Report

අගමැති හරිනි අමරසූරියට අපහාස වන ආකාරයට පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් සිදුවන පහත් පෙළේ හැසිරීම් සහ විවේචන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්‍ෂ සුභාෂණ සුභවික්‍රම මහතා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියේ, පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් මෙතරම් පහත් ආකාරයෙන් හැසිරෙන්නේ කුමක් නිසාද යන්නයි.

අගමැති හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බහින්න සැරසේ - සමන්මලී

අගමැති හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බහින්න සැරසේ - සමන්මලී

ඒ අනුව ඔහු වැඩි දුරටත් කියා සිටියේ, "ලිංගික අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් දරුවන්ට ඉගැන්විය යුතුයි. වර්තමානයේ අද හැම තැනකම ෆෝන් තියෙනවා මේකෙ අකුරු දෙකක් ගහපුවම ඕන තැනක බලන්න පුළුවන්. එනිසා ඒවා ගැන දැනුවත් කිරීම මිසක මේවා හංගල හැමදාම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. රටේ දෙවන පුරවැසියා වන අගමැතිතුමියට කරන කාන්තා හිංසනය එතුමිගේ ලිංගික කැමැත්ත පිළිබඳව එතුමියගේ පෞද්ගලික ජීවිතය අළලා එහෙම මොන නීතියක්ද ලංකාවේ මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ" යනුවෙන්.

හරිනි පුටුව දාලා යනකල් විමල් නොනැගිටියි - සත්‍යග්‍රහය තවදුරටත්

හරිනි පුටුව දාලා යනකල් විමල් නොනැගිටියි - සත්‍යග්‍රහය තවදුරටත්

හරිනි අමරසූරිය වැදගත් කාන්තාවක් නම් අධ්‍යාපන ඇමතිකමින් ඉල්ලා අස්විය යුතුයි - තලතා කට අරියි

හරිනි අමරසූරිය වැදගත් කාන්තාවක් නම් අධ්‍යාපන ඇමතිකමින් ඉල්ලා අස්විය යුතුයි - තලතා කට අරියි