හරිනි පුටුව දාලා යනකල් විමල් නොනැගිටියි - සත්‍යග්‍රහය තවදුරටත්
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව ඔවුන් ඊයේ (12) පෙරවරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා මෙන් සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්.
කෙසේ වෙතත් එහිදී මෙම ප්‍රතිසංස්කරණ හකුළාගන්නා තුරුම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ අදහස් දක්වමින් සඳහන් කළා.
එමෙන්ම සත්‍යග්‍රහය සඳහා අට්ටාලය ඉදිකරන අවස්ථාවේ පොලිසියෙන් ඊට බාධා එල්ල වීම දක්නට ලැබුණා.
මේ අතර ඊයේ(12) දින නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම ස්ථානයේදී මහජන අත්සන් ලබා ගැනීම ද ආරම්භ විය.
එමෙන්ම පොලිසිය සිදුකළ කරුණු දැක්වීමකට අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ මාර්ග අවහිර නොකරන ලෙසට සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසට නියෝග කරමින් බව සඳහන්.