රංග දිසානායකගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම නීත්‍යානුකූලයි - අල්ලස් කොමිසම
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014 වසරේදී තම දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට අවිධිමත් ලෙස ඇතුළත් කළ බවට එල්ල වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනෙකුගේ විධානය පරිදි, දූෂණ විරෝධී පනතේ 42(1) වගන්තිය යටතේ මූලික විමර්ශනයක් සිදු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම පැමිණිල්ල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව එල්ල වූවක් වූ බැවින්, එයට ප්‍රමුඛතාව ලබාදෙමින් කඩිනමින් විමර්ශනය කර ඇත. සමාජ මාධ්‍යවල පසුගිය දිනවල මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබූ හෙතුවෙන්, විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇත. ඒ අනුව, අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 235/2011 තීන්දුවට අනුකූලව, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව නිරීක්ෂණය වී ඇත. එම වසරේදී එම දරුවා පමණක් නොව, අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන් ද එම මාර්ගෝපදේශ යටතේ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ද විමර්ශනයේදී හෙළි වී ඇත.
ඒ අනුව, රංග දිසානායක මහතාගේ දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතනික ක්‍රමවේදවල අක්‍රමිකතාවක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක්, හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුවී නොමැති බව කොමිෂන් සභාව තීරණය කර ඇත.
