අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරි චිවරධාරියෙකුට වැඩ වරදි

Sri Lanka Magistrate Court Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 12, 2025 01:42 PM GMT
Hashini

Hashini

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කරනු ලැබුවේ පෙම්වතිය හා එක්ව කළ අනග රැගුම්, ප්‍රේම වියෝවෙන් පසු අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ චීවරධාරියකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමටයි.

රුපියල් 2500 දඩ මුදලක්ද, වින්දිත කාන්තාව සඳහා ලක්ෂයක වන්දි මුදලක් ද නියම කරන ලෙස නියෝග කළාය.

අදාල දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් හිම විය යුතු බවද නියම කළාය.

බිහිසුණු ගුවන් අනතුරින් සියල්ලන්ම ජීවිතක්‍ෂයට

බිහිසුණු ගුවන් අනතුරින් සියල්ලන්ම ජීවිතක්‍ෂයට

මෙම දඬුවම නියම කරනු ලැබුවේ අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාවට සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම දඬුවම නියම කළාය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර හිමිනම හා හිමිනමට පෙම් බැඳී පැමිණිලිකාරිය වට්සැප් ඔස්සේ හඳුනාගෙන ඇති බවය.

ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදා හරින ලෙසට නියෝග කළාය.

අදාල ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබීය.

පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළාය. 

 

ශ්වසන රෝගීන්ගෙන් 13%කට කොරෝනා

ශ්වසන රෝගීන්ගෙන් 13%කට කොරෝනා

ReeCha