මාලනී නැති අඩුව පුරවන්න බෑ. මට දුකයි - ලකී ඩයස්

Report

හෙළ සිනමාවේ නිළි රැජිණ වශයෙන් කටයුතු කළ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා අසනීප තත්ත්වයෙන් පසු වී අප අතරින් සදහටම සමු ගත්තා. ඇයගේ වියෝව සිනමාවට දැඩි ලෙස බල පෑ අතර ඇය වෙනුවෙන් දුක් වූ පිරිසද අති විශාලයි. ඉතින් ඇයගේ සමකාලීන හිතවතුන් ඒවගේම ළඟම ඥාතීන් නව පරපුරේ රංගන ශිල්පීන් ඇයගේ ගුණ වයන විට ඇය විවාහ වූ ඇයගේ හිටපු සැමියා ලකී ඩයස් පවා ඇයගේ වියෝවෙන් කම්පාවට පත්වුණා.

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

ඉතින් ඔහු ඇයගේ නමට කැළලක් වෙයි කියාවත් ඔවුන්ගේ දික්කසාදය ගැන ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ. කෙසේ නමුත් ඇය වියෝ වූ පසු ලකී තමන්ගේ හිටපු ආදරණීය බිරිඳ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

"මුළු සිනමාවටම මුළු රටටම සම්පතක් නැති වුණා.මුළු රටටම වගේ මටත් ඒ දුක ශෝකය දැනෙනවා.මේ වගේ කෙනෙක් ආයේ කවදාවත් බිහිවෙන්න මෙතනින් එහාට සිංහල සිනමාවක් නෑ."

යනුවෙන් නැවත වතාවක් ඔහු තමන්ගේ හිතේ තියෙන ශෝකය වචන බවට හරවා තිබුණා.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.