තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්

Department of Meteorology Weather Rain Sinhala news
By Hashini Jun 13, 2025 10:58 AM GMT
Hashini

Hashini

Report

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා බලපැවැත්වෙනවා.

අද (13) සවස 2.30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට (14) 2.30 දක්වා වලංගු වනවා.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්ව්න්තුව පවසන්නේ.

ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා. 

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

ReeCha