තද සුළං සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීමක්
By Hashini
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා බලපැවැත්වෙනවා.
අද (13) සවස 2.30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට (14) 2.30 දක්වා වලංගු වනවා.
ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්ව්න්තුව පවසන්නේ.
ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා.