ඊශ්‍රායල ඉරාන යුද්ධයට මැදි වූ ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න...
ඊශ්‍රායලය සහ ඉරානයේ පවතින තත්ත්වය මත එම රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් දැඩි අවධානයෙන් ක්‍රියා කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඊශ්‍රායලය සහ ඉරානයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකම එම රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යන අතර, අලුත්ම තත්ත්වයන්ට අනුව උපරිම ආරක්ෂාව සලසන්නට උත්සාහ දරන බවද අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ, අවශ්‍යතාවයක් ඇතිවූ පසුකාලීන අවස්ථාවලදී තවත් මාර්ගෝපදේශ සපයනු ඇති බවයි.