බිහිසුණු ගුවන් අනතුරින් සියල්ලන්ම ජීවිතක්‍ෂයට
By Hashini
ජාත්‍යන්තර මාධ්‍ය අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් වාර්තා කරනවා.
මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.
මෙම ගුවන් ගමන සඳහා ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබුණි.
ගොඩනැගිලි සහිත ප්‍රදේශයටක ගුවන්යානය කඩාවැටීම නිසා අනතුරෙන් මියගිය ගණන තවත් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ගුජරාට් හිටපු මහඇමති විජේ රුපානි ද මෙම ගුවන් යානයේ සිට ඇති බවයි.