චිරන්ත වෙලාවකට මට අයියා කෙනෙක් වගේ තවත් වෙලාවකට තාත්තා වගේ. කාවින්ද්‍යා අධිකාරී. (PHOTOS)

srilanka Kavi adhikari
By Sithumi Mar 20, 2022 04:39 PM GMT
Sithumi

Sithumi

Report

අපි හැමෝම දන්නා සුරූපී තරුණියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ. අපේ රටේ ඉතා ජනප්‍රිය සංගීත ලෝකයට අලුත් නිර්මාණ රැසක් එක් කල සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ලොකුම දියණිය තමයි මේ. ඒ ගැන නම් හැමෝම දනනවා ඇතිනේ.

ඇයත් කලවට ඉතා දක්ෂ චරිතයක් තමයි. ගීත නිර්මණ වෙනුවෙන් ගොඩක් දකින්න නොලැබුනත් ඇයත් අම්මා වගේම ලස්සන හඩක් ඇති අයෙකි. ඇය ඊට අමතරව නිවේදිකාවක් ලෙසත් දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාවක්ද ඇයට තියනවා. ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා.

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ. ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා. අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.ඒ වගේම ඇය දක්ෂ නිවෙදිකවක්ද වනවා.

කොහොම නමුත් මෑතකදී කාවින්ද්‍යාගේ ආදරණිය අත්තම්මා මෙලොවින් සමුගත්තා. ඇගේ අභාවය ඇයට එය ලොකු තනිකමක් පාළුවක් එක්කර තිබුනා. ඒ වගේම දැන් ඔවුන්ගේ ඒ තනිකමට පාලුවට අලුත් අමුත්තෙක් පැමිණ තිබෙනවා. ඒ සමිතාගේ සැමියා වන චිරන්තයි.ඉතින් ඔහු ගැනත් කාවින්ද්‍යා අපිට මේ විදිහට කියනවා. චිරන්ත අපේ පවුලට එකතු උනාට පස්සේ මට තිබ්බ බර අඩු උනා වගේ දැනෙනවා. අපිට මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නේ ආශ්‍රය කලාට පස්සේ. චිරන්ත පවුලට එකතු වුණාට පස්සේ එයා අපේ අම්මව බැලුවා. අපේ අම්මට පුදුම සහයෝගයක් දෙනවා. මගේ මල්ලිත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න නිසා එයාට උදව් කරනවා.අම්මා ඒ දවස්වල හිටියාට වඩා චිරන්ත ආවට පස්සේ ගොඩක් සතුටින් ඉන්නවා

. කලින් මට පැවරිලා තිබුණු වගකීම් වලින් බාගයක්ම දැන් කරන්නේ චිරන්ත. ඊට පස්සේ මගේ මල්ලි එයා වෙලාවකට මගේ අයියා කෙනෙක් වගේ, තවත් වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. අපේ පවුලට මිනිස්සු මොනවගේ කතා කිව්වත් අද අපි ගොඩක් සතුටින් ඉන්නවා. අපේ පාඩුවේ ඉන්නවා, කාගෙන්වත් ඉල්ලන්නවත් කර, දරයක් වෙන්නවත් යන්නේ නැහැ. මගේ තාත්තා අම්මා, චිරන්ත, මගේ මල්ලි හැම කෙනෙක්ටම ගොඩක් ආදරෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha