චීන ජනාධිපති රුසියාවේ නිල සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව චීන ජනාධිපතිවරයා විසින් මැයි 7 වැනි දින සිට 10 වැනි දින දක්වා තෙදිනක් රුසියානු නිල සංචාරයට එක්වනු ඇති මෙහිදී චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග දෙරටේ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම මෙන්ම තවත් ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා මොස්කව් හී පැවැත්වෙන උත්සවයකටද සහභාගී වීමට නියමිතව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම හමුවේදී චීන - රුසියානු සබඳතා වර්ධනය කිරීම සහ වැදගත් ජාත්‍යන්තර හා කලාපීය කරුණු මාලාවක් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් සමග උපායමාර්ගික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ
