මළගෙදර පිහි ඇනුමකින් තවත් මළගෙයක් [PHOTO]

Death Funeral Murder Sinhala news
By Mithu May 03, 2025 03:12 PM GMT
Mithu

Mithu

Report

සීගිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙඩිගස්වලාන ප්‍රදේශයේ 02 දින රාත්‍රියේ අවමගුල් නිවසක පුද්ගලයෙකු පිහිපයක් ඇනීමකින් අයකු මියගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගෙඩිගස්වලාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු පනස් හතරක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශ්‍රාම ගිය ඒ. සිරිපාල නැමැති එක්දරු පියෙකු බව පොලිසිය කියයි.

දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක පටන් මෙම පුද්ගලයා සමඟ ඇති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි. කෙසේ වෙතත් ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවත් පොලිස් කණ්ඩායම් දෙකක් මෙ වන විට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

අපේ ගෙදර තෙමෙන් නැත්තෙ මගේ පොත් මේසේ විතරයි-සරසවි වරම් දිනූ ඇය

අපේ ගෙදර තෙමෙන් නැත්තෙ මගේ පොත් මේසේ විතරයි-සරසවි වරම් දිනූ ඇය

සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ සීගිරිය ගුවන් හමුදා කඳවුර ආසන්නයේ නිවසක මෙම අවමගුල් උත්සවය තිබී ඇත. එහි මළ සිරුර නිවස තුළ තැන්පත් කොට තිබෙන අවස්ථාවේදී රාත්‍රියේ මළ ගෙදර ආසන්නයේම පදිංචි මියගිය පුද්ගලයා මළගෙදර තේ හදන ප්‍රදේශයේ රැඳී සිටින අවස්ථාවේදී එකවරම මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයාගේ එකම පුතා මේ වන විට ජපානයේ අධ්‍යාපනය ලබන බවද සඳහන් කර සිටි නිවැසියන් සඳහන් කර සිටින්නේ මෙම මළගෙදරට ගමන් කිරීම පවා එපා යැයි සඳහන් කර තිබියදී ඔහු මළගෙදරට සහභාගී වූ බවය. ඊට හේතුව ඉඩම් ආරවුල නිසා දෙදෙනා අතර කලක පටන් නඩුවක්ද පවතින බවය. එම නිසා හිත් අමනාපයෙන් සිටි බවද නිවැසියෝ චෝදනා කරති. එමෙන්ම නිවැසියන් තවදුරට ද සඳහන් කරන්නේ රජය නිකුත් කරන ලද ඉඩම් ගැසට්ටුවක් නිසා මෙම ගම්මානයේ ජනතාව අතර දීර්ඝකාලීන වෛර ඇතිවීම ගැටුම් ඇතිවීම සිදුවන බවය.

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

කෙසේ වෙතත් එම ඉඩම් ගැසට්ටුව පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුටම මෙම ඛේදවාචක සිදුවිය හැකි බව දන්වා තිබුනද නිසි අවධානයක් යොමු නොකිරීම ඉපැරණි ඉඩම් ගැසට් කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවද දේශවාසීහු දැඩි ලෙස චෝදනා කරන්නට වූ අතර මෙම ඉඩම් ගැසට්ටුව නිසා තවදුරටත් මෙම ගම්මානයේ ජනතාව අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු වන්නට ඉඩ ඇති බවද ඔවුහු චෝදනා කරති. මිය ගිය අයගේ පශ්චාත් මරණ පරක්ෂණට සීගිරිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

GalleryGallery
ReeCha