චීනයේ යුවාන් වැං 5 නෞකාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
Government Of Sri Lanka
Ministry of Defense Sri Lanka
China
By Wayomi
චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව අමාත්‍යාංශය පවසන්නේ , එම නෞකාවට මෙරට මුහුදේ නැංගුරම්ලෑමට අවසර ලබා දී ඇත්තේ දින 5 ක කාලයකට පමණක් බවයි.
නෞකාව ලබන 11 වනදා හම්බන්තොට වරායට පැමිණ අදාළ පහසුකම් ලබා ගැනිමෙන් පසුව සතියක කාලයක් රැදිසිටිමින් ඉන්දියන් සාගරයේ වයඹ දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරික්ෂණය , චන්ද්‍රිකා පාලනය සහ අනෙකුත් පරේෂණ කටයුතු සිදු කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |