ඇමරිකාවට රතු එළි පත්තු කරමින් චීන ජනාධිපති සහ කිම් ජොන් උන් පියොන්ග්යැං හිදී රහස් සාකච්ඡාවක

By Malith Madushan Jun 09, 2026 08:42 AM GMT
Report

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා ඊයේ (08) රාත්‍රියේ පියොන්ග්යැං (Pyongyang) හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

කිම් ජොන් උන් මහතා සහ ඔහුගේ ආර්යාව රි සොල් ජු  මහත්මිය, චීන නායක ෂී ජින්පිං මහතා සහ පෙන්ග් ලියුවාන්  ආර්යාව සාදරයෙන් පිළිගත්හ.

පියොන්ග්යැං (Pyongyang) ක්‍රීඩාංගණයේදී උතුරු කොරියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ පිරිස් සමඟ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්ද ඔවුන් නැරඹීමට එක් වූහ.

"සති දෙකෙන් ඉරානය දණ ගස්වනවා" - ට්‍රම්ප්ගෙන් මුළු ලෝකයම හොල්ලන ප්‍රකාශයක්

"සති දෙකෙන් ඉරානය දණ ගස්වනවා" - ට්‍රම්ප්ගෙන් මුළු ලෝකයම හොල්ලන ප්‍රකාශයක්

පසුව දෙරටේ නායකයෝ සිය දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙම සංචාරය අතරතුර, කිම් ජොන් උන් මහතා සමඟ වැදගත් එකඟතාවන්ට එළඹ ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

සමාජවාදයේ අනාගත ඉරණම පිළිබඳ උපායමාර්ගික මට්ටමින්, කාලයේ පොදු ප්‍රවණතා ග්‍රහණය කර ගනිමින් දෙරටේ පොදු ජනතා අපේක්ෂාවන්ට අනුකූලව ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කළ යුතු බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව සමාජවාදී නවීකරණ රටක් පූර්ණ ලෙස ගොඩනැගීමට, දෙවැනි සියවසේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමටත්, චීන ජාතියේ මහා පුනර්ජීවනය සම්පූර්ණ කරමින් දැවැන්ත ජයග්‍රහණ ලබා ගැනීමටත් සමත්ව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල

ඉන්දියාවේ මිලියන ගණන් තරුණයෝ ‘කැරපොත්තෝ’ වෙති - මෝදිට එරෙහිව ලෝකයේම අවධානය දිනාගත් අමුතුම කැරැල්ල