"සති දෙකෙන් ඉරානය දණ ගස්වනවා" - ට්‍රම්ප්ගෙන් මුළු ලෝකයම හොල්ලන ප්‍රකාශයක්
ඉදිරි සති දෙක ඇතුළත ඉරානය සම්බන්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරානය සමඟ මේ වන විට සාකච්ඡා පවත්වාගෙන යන බව සඳහන් කළ ඔහු, ඉරානය යහපත් එකඟතාවකට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවත්, න්‍යෂ්ටික අවි අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට ද සූදානම් බවත් පවසා ඇත.
එමෙන්ම, ඉරානය සම්බන්ධ අර්බුදය සාර්ථකව විසඳා ගැනීමේ දිශාවට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ට්‍රම්ප්, ඉදිරි සති දෙක තුළ ඒ පිළිබඳ තීරණාත්මක ප්‍රගතියක් සහ සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබේ.
එවැනි වර්ධනයක් සිදුවුවහොත් ගෝලීය තෙල් මිල ගණන් ද සැලකිය යුතු ලෙස පහළ යා හැකි බවට ඔහු විශ්වාසය පළ කර ඇත.
කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි සති දෙක තුළ ප්‍රගතියක් හෝ තීරණාත්මක ප්‍රතිඵල ලබා දෙන බවට ට්‍රම්ප් මහතා මීට පෙර ද අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බවය.
අප්‍රේල් 7 වන දින ප්‍රකාශයට පත් කළ ඉරානය සමඟ සටන් විරාමය ද මුලින් සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරුණු අතර, එම කාලය තුළ දෙපාර්ශවය අතර ස්ථිර එකඟතාවක් ඇති කර ගැනීමේ උත්සාහයක් පැවති බව සඳහන් වේ.
මාධ්‍යවේදියෙකු විසින් ඉරානය ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටී නම් මෙතෙක් ඒ සඳහා එකඟතාවකට නොපැමිණියේ මන්දැයි විමසූ අවස්ථාවේදී, ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ දේශපාලන ස්ථාවරය සහ අභිමානය ඊට බලපා ඇති බවත්, වත්මන් තත්ත්වය තුළ ඔවුන්ට විකල්ප සීමිත වී ඇති බවත්ය.
ඒ අනුව, අවසාන එකඟතාවකට පැමිණීම සඳහා තවත් කාලයක් අවශ්‍ය විය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.