චීන සමාගමක් විසින් මෙරට රිලවුන් ඉල්ලන හේතුව ගැන කෘෂිකර්ම ලේකම්ගෙන් අනාවරණයක්.

Sri Lankan rupee Sri Lanka China Ministry of Agriculture
By Wayomi Apr 22, 2023 08:57 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට රිලවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉල්ලා ඇත්තේ, චීන සත්ව අභිජනන සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මෙය තවමත් ඉල්ලීම් මට්ටමේ පවතින්නක් ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඒ පිළිබඳව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් කෘෂිකර්ම ලේකම්වරයා සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට පෙර ජනතාව පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශව කිහිපයක අදහස් ලබා ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියා.

එමෙන්ම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රිලවුන් ඉල්ලා ඇති සමාගමේ නීත්‍යනුකූලභාවය, දෙරටේ වනජීවී නීති ඇතුළු කරුණු අධ්‍යයනය කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW