යළි ලොව පුරා කොවිඩ් අවදානමක්..? චීනය අද සිදු කළ දේ
By Sithumi
රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කළා. කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා වසා දැමුවේ 2020 වසරේ මාර්තු මාසයේදී.
ඒ අනුව අද සිට විදේශීය සංචාරකයින් සඳහා නිරෝධායනයට යොමුවීමෙන් තොරව චීනයට ඇතුළු විය හැකි වන අතර විදෙස් මාධ්‍ය පැවසුවේ සීමා ඉවත් කිරීමෙන් පසුව චීනයට ඇතුළුවන බොහෝ පිරිසක් සිය පවුලේ සාමාජිකයින් හෝ නෑදෑ හිතවතුන් දැකීමට පැමිණෙන පුද්ගලයින් බවයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේචීනයේ බීජිං ඇතුළු නගර රැසක පිහිටි ගුවන් තොටුපළවල දිගු පෝළිම් දැකිය හැකි බවයි.
මේ අතර චීන වැසියන් බොහෝ දෙනෙකු ද විදෙස් සංචාර සඳහා සූදානමින් පසුවුවද රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා රටවල් රැසක් සංචාරක සීමා පනවා තිබෙනවා.