තායිවාන මුහුදු සීමාවට චීනෙන් ඇවිත් මොකද මේ වෙන්නේ
තායිවානය වටා චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය විසින් මුර සංචාර සමගින් යුද අභ්‍යාසයක් අරඹා ඇත.
ඒ අනුව යුද සූදානමක් වශයෙන් ඊයේ (29) ආරම්භ වූ එම මුර සංචාරය සඳහා චීන නාවික හා ගුවන් හමුදා බළකායන් යොදවා ගන්නා බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi ප්‍රකාශ කර තිබේ .
තවද ඔහු සදහන් කළේ "Justice Mission 2025" නමින් නම් කර ඇති මෙම යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බවයි.
චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බළකායේ භටයින් යොදා ගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කර තිබේ.
යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කර තිබෙනුයේ මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය, යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහිය.
තවද චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi ප්‍රකාශ කර ඇත්තේ "Justice Mission 2025" යුද අභ්‍යාස, තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත්, එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් බවයි .