තැන් දෙකක පිපිරීම් 02ක්..31ක් මරුට..44ක් තුවාල ලබයි..
China
Death
World
Bomb Blast
By Aruna
වයඹ දිග චීනයේ යින්චුවාන් නගරයේ අවන්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ අතර, ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නගරයේ ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදේස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම පිපිරීමෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයින් සිටී ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.