IMF සාකච්ඡා වලදී ලංකාවට සහය දෙනවා චීනය කියයි

Dinesh Gunawardena Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka China
By Sewvandhi Jul 31, 2022 04:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව චීන තානාපති චී ෂෙංහොං මහතා අවධාරණය කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති හමුකදී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදයට චීනය ලබාදෙන සහන අගයමින් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ, දීර්ඝකාලීන විසඳුම් වශයෙන් අත්‍යාවශ්‍ය සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්ති, වාරි කර්මාන්තය හා ජලසම්පාදන ක්ෂේත්‍රවල ආයෝජනයන් අපේක්ෂා කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now