චීනයෙන් ලංකාවට විශාලතම මුදල් පරිත්‍යාගය සිදු කරයි...ලංකාව ගැන චීනය දරණ මතය මෙන්න.

Sri Lanka China
By Aruna Jun 08, 2022 12:38 AM GMT
Aruna

Aruna

Report

වත්මන් දුෂ්කරතා හා අභියෝගවලට මුහුණදී සිටින ශ්‍රී ලාංකික ජනතාවට පවතින හැකියාව තුළ සියලු මානුෂීය ආධාර සපයා දීමට චීන රජය සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව්. අයි. ෂෙන්හෝන් මහතා පවසනවා.

චීන තානාපතිවරයා මෙසේ කීවේ, කලපළුවාව ගෝතම තපෝවනය ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත මාතක මාතිකා සංවිධානය මගින් පාලනය වන කුමාර කස්සප ළමා නිවාසයට පැමිණ එහි නේවාසික (පිරිමි) දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා අවශ්‍ය පරිගණක හා ක්‍රීඩාචීනයෙන් ලංකාවට විශාලතම මුදල් පරිත්‍යාගය සිදු කරයි...

ලංකාව ගැන චීනය දරණ මතය මෙන්න. උපකරණ තොගයක් සමග චීන සංස්කෘතිය අනුව එරට දරුවන්ගේ ජීවන ක්‍රියාකාරකම් විදහා දැක්වෙන (ඩී.වී.ඩී) තැටි කීපයක්ද පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගිව එහි පැමිණ සිටි පිරිස අමතමින් කරන ලද කතාවේදීය. ඒ මහතා මෙසේද කීවේය.

මේ වන විට චීන ශ්‍රී ලංකා සබඳතාවලට වසර 65 ක් සපිරෙන අතර රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරෙන වසරද මේකයි. අප දෙරටම බුදු දහමින් පෝෂණය වූ රටවල් වන අතර බුදුරජාණන් වහන්සේ අපට කියාදී තිබෙන්නේ ආදරය අනුකම්පාව කරුණාව හා සංනිවේදනයයි.

චීනය හා ශ්‍රී ලංකාව හැම විටම එකිනෙකා සමග සිට ගනිමින් දුකේ හා සැපේදී උපකාර කර ගන්නවා.

ඒ අනුව තමයි චීන රජය ශ්‍රී ලාංකික ජනතාවට යුවාන් මිලියන 500 ක (ඇමරිකානු ඩොලර් මිලියන 76 ක්) එනම් මේ රටේ ජීවත් වෙන ජනගහනය වූ මිලියන 22 කට එක් පුද්ගලයකුට රුපියල් 1300 ක් බෙදී යන අන්දමට මුදල් පරිත්‍යාගයක් ලබාදී තිබෙන්නේ.

මෙය මේ රටට චීනයෙන් ලබාදී තිබෙන විශාලතම මුදල් පරිත්‍යාගය බවද කී චීන තානාපතිවරයා මීට අමතරව චීනයේ යුනාන් ප්‍රදේශයෙන් ආහාර අසුරණ 10,000 ක් නැගෙනහිර පළාතට පරිත්‍යාග කොට ඇති බව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම පිණිස රෝහල්වලට අවශ්‍ය බෙහෙත් විශාල තොගයක්ද එවා ඇති බවද කී ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව්. අයි. ෂෙන්හෝන් මහතා ජාතියක අනාගතය පවතින්නේ තරුණයන් අතේ වන බැවින් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ හා සහයෝගීතාවයේ අනාගතයද ඉහළ තලයකට ගෙන යෑම සඳහා දෙරටේ තරුණ පරම්පරාවට එකිනෙකා හොඳින් හඳුනාගෙන ජීවත්වනු දැකීම තමාගේ හා තම ආර්යාවගේ බලාපොරොත්තුව බවද කීය.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණි වංශික නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමිගේ අනුශාසනා පරිදි සිදුකරන ලද මෙම පරිත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට කුමාර කස්සප ළමා නිවාසයේ භාරකාර මිත්තභානි හිමි හා බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්‍ෂක තමාරිකා හර්ෂණී හා චීන තානාපති ආර්යා ෂෙන්හෝන් මහත්මියද සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now